leader s

දකුණු කොරියාව සමග පවතින සියලු ප්‍රවාහන මාර්ග සහ දුම්රිය සබඳතා වහා නවතා දමන බව උතුරු කොරියානු හමුදාව පවසයි. එය අද සිට ක්‍රියාත්මකය.

ඒ අනුව, එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර දේශසීමා ආරක්ෂාව තර කෙරේ.

දකුණු කොරියාව විසින් ඉකුත් දා සිදු කළ හමුදා සංදර්ශනයට පිළිතුරු ලෙස එම පියවර ගත් බව උතුරු කොරියාව පවසයි. මේ පිලිබඳ, දැනටමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා ඇතැයි දකුණු කොරියාව කියා සිටී.

උතුරු කොරියාව විසින් දේශ සීමා ආසන්න යුද මුක්ත කලාපයේ බිම් බෝම්බ වළලා තිබේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
North Korea Army says to completely cut road and rail links to South Korea


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්