ඉන්දියාවේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුළු වීම වළකාලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයක් මගින් පනවන ලද නියෝගයකට එරෙහිව මහාරාස්ට්‍ර චත්‍රපති සම්භාජිනගර් (Chhatrpati Sambhajinagar) හි ලක්ෂ ගණනක් බෞද්ධ ජනතාව විරෝධතාවේ නිරත වූහ.
විහාරස්ථානයේ බුද්ධ ගුහාව අසල පිහිටි බුද්ධ මන්දිරය සහ භික්ෂු කුටි වෙත පිවිසීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.
අක්කර ගණනක විහාර භූමිය විනාශ කිරීමට ප්‍රාන්ත රජය උත්සාහ දරන බවට විරෝධතාකරුවෝ චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළ ඔවුහු, අක්කර 50 ක ට වැඩි එම භූමි භාගය බෞද්ධාගමික ඉදිකිරීම් පිණිස, ගුහා සංකීර්ණය කෙළවර පිහිටි විහාරස්ථානයට ලබා දෙන ලෙස ප්‍රාන්ත රජයට බල කර සිටියහ. සමස්ත පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය බෞද්ධ පරිපථයට ඇතුළත් කළයුතු බවට සහ ඒ ආසන්නයේ, අජන්තා ගුහා සංකීර්ණයට පිවිසෙන මාර්ගය අසල විශාල බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා උද්ඝෝෂකයෝ විරෝධතාවේ නිරත වූහ.
භදන්තා විශුද්ධානන්ද බෝධි මහාස්ථවිරයන්ගේ (Bhadanta Vishudhananda Bodhi Mahasthaveer) ප්‍රධානත්වයෙන් එම මහජන උද්ඝෝෂණය පැවැත්විණි. ප්‍රාන්තයේ අම්බෙද්කාර් පක්ෂයේ සියලු කණ්ඩායම්ද ඊට එක්වූහ.
(United News of India ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Buddhist worshipers stage protest in chhatrapati sambhajinagar






