ෆ්ලොරිඩාවට බලපා ඇති මිල්ටන් සුළි කුණාටුව දැන් '1 ශ්‍රේණියේ' සුළි කුණාටුවක් වශයෙන් පැවතියද, එය තවදුරටත් අතිශය ව්‍යසනකාරී බව එහි කාලගුණ බලධාරීහු පවසති.
කුණාටුවේ ඇස, ප්‍රාන්ත මධ්‍යයේ පිහිටි ඕර්ලැන්ඩෝ සිට කිලෝ මීටර 120ක් වයඹ දෙසට පිහිටි අවස්ථාවේ ටැම්පා, ශාන්ත පීටර්ස්බර්ග්, ක්ලියර්වෝටර් ඇතුළු 'ටැම්පා බේ' කලාපයට හදිසි ජල ගැලීම් පිලිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම ප්‍රදේශවලට ඊයේ මිලිමීටර 422 ක වර්ෂාපතනයක් ලද බව වාර්තා වේ.

නවතම වාර්තා අනුව සුළි කුණාටුව මේ වන විට, කිලෝ මීටර 105ක් බටහිරට වන්නට, නිරිතදිග කැනවරල් තුඩුව හරහා පැයට සැතපුම් 90 ක වේගයකින් හමා යමින් පවතී.
ෆ්ලොරිඩාවේ නිවාස මිලියන 1.3 ක සහ ව්‍යාපාර රැසක විදුලිය විසන්ධි වී තිබේ. සුළි කුණාටුව ප්‍රබලව ඇති මේ අවස්ථාවේ, පදිංචිකරුවන් ඉවත් කිරීමේ සේවා අන්තරායකර බැවින්, වාසස්ථාන තුළම ආරක්ෂාකාරීව රැඳී සිටින ලෙස ප්‍රදේශවාසීන්ට දන්වා තිබේ.

මිල්ටන් සුළි කුණාටුව, ලෝක රක්ෂණ ක්ෂේත්‍රය වෙත සිදු කර ඇති බලපෑම ද අති මහත්ය. ව්‍යසනය හේතුවෙන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 1000 ක ට අධික හානියක් දැරීමට ගෝලීය රක්ෂණ ක්ෂේත්‍රයට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2025 වර්ෂයට සාපේක්ෂ ප්‍රති-රක්ෂණ ගාස්තු වැඩිවීම් ද කරණකොට ලෝක කොටස් වෙළඳපොල ඇතැම් රක්ෂණ සමාගම් කොටස් මිල ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අද රාත්‍රී කාලයේ, මිල්ටන් සුළි කුණාටුව, ෆ්ලොරිඩා අර්ධද්වීපය හරහා අත්ලාන්තික් සාගරයට පිවිසීමට නියමිතය. එය ගොඩබිමින් නික්ම යන්නේ 'නිකම්ම නොව' තව දුරටත් ඉමහත් විනාශයක් සිදු කරමින් බව කාලගුණ විශේෂඥයෝ පවසති.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර
Latest Updates: Hurricane Milton brings tornadoes and flash floods






