ඊශ්‍රායලයට එරෙහිව ඔත්තු බැලූ ගෝලාන් ත්‍රස්ත ජාලයේ හිස්බුල්ලා සාමාජිකයකු සිරියාවේදී ඝාතනය කෙරේ. සිරියානු ඉලක්ක වෙත එල්ල කළ සිය ගුවන් ප්‍රහාරයකින් ඔහු මරුමුවට පත් වූ බව ඊශ්‍රායලය පැවසීය.
ඊයේ (09) සිරියාව වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල වූ බව සිරියානු මාධ්‍ය අද තහවුරු කළේය. මිය ගිය සාමාජිකයා විසින් ඊශ්‍රායල පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයේ සිට ඊශ්‍රායලයට එරෙහි බුද්ධි තොරතුරු සම්ප්‍රේෂණය කර තිබේ.

ඔක්තෝබර් 07 හමාස් ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලය මේ වන විට, ඉරාන සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් සොයා, සිය හමුදා ක්‍රියාන්විත ලෙබනනය, ඉරානය, යේමනය සහ සිරියාව තෙක් ව්‍යාප්ත කොට තිබේ.
ඉරානයට එරෙහි දැවැන්ත ඊශ්‍රායල ප්‍රහාරයක් අපේක්ෂාවෙන්, සමස්ත මදපෙරදිග කලාපයම, දැඩි අවධානයක පසුවේ.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර ඒ පිලිබඳ විශේෂ දුරකථන සංවාදයක් ඊයේ සිදු කෙරිණි. මිනිත්තු 30ක් පුරා පැවති එම සාකච්ඡාවේදී, ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රති-ප්‍රහාර සැලසුම් පිලිබඳ නායකයින් දෙපළ අදහස් හුවමාරු කර ගත්හ. ලෙබනන සිවිල් වැසියන්ට සිදුවිය හැකි අවම හානි වලට යටත්ව, එම ක්‍රියාන්විත සිදු කරන ලෙස ධවල මදිරය ඊශ්‍රායලයෙන් උදක්ම ඉල්ලා සිටී.
මේ අතර, ඊශ්‍රායල ප්‍රහාර වලින් ලෙබනනයේ හිස්බුල්ලා කොමාන්ඩෝ භටයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායලය අද නිවේදනය කළේය. බීරුත් අගනුවර හිස්බුල්ලා වෙඩි ගබඩා රැසක් ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශ විය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israel says it eliminates Hezbollah 'Golan Heights' member, Syrian media report Israeli airstrikes
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israel says it eliminates Hezbollah 'Golan Heights' member, Syrian media report Israeli airstrikes






