පුඅර්ටෝ රිකෝ (Puerto Rico) හි ඓතිහාසික නගරයක සංචාරක ආකර්ෂණයක් ව දීර්ඝ කලක සිට වෙසෙන බළලුන් රැසක් ඉන් ඉවත් කිරීමට ගත් තීරණයක් එක්සත් ජනපදය තාවකාලිකව අත්හිටුවීය.
ඒ සම්බන්ධයෙන් නෛතික අර්බුද විසඳෙන තෙක් එම තීරණය ගත් බව නගර බලධාරීහු ප්‍රකාශ කළහ.

පුඅර්ටෝ රිකෝ අගනුවර මුහුදු වෙරළ තීරයේ යටත් විජිත සමයේ ඉදිකළ ඓතිහාසික ස්පාඥ්ඥ බලකොටුවක් ආශ්‍රිතව වෙසෙන දඩාවතේ යන බළලුන් 200කට අධික සංඛ්‍යාවක් ඉන් ඉවත් කිරීමට එක්සත් ජනපද ජාතික උද්‍යාන සේවය පසුගිය දා තීරණය කළේය. සත්ව හිංසාවට එරෙහි බොහෝ පිරිස් ඊට එක හෙලා විරෝධය පල කළ අතර, ඒ පිලිබඳ නීතිමය ගැටළු විසඳෙන තෙක් තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දැමිණි. තීරණය අත්හිටුවීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබේ.

සංචාරක ආකර්ෂණයක් වන එහි පැරණි සැන් ජුආන් (San Juan) ප්‍රදේශයේ වෙසෙන පදිංචිකරුවන්ගේ සහ ඒ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආදරය දිනා සිටින එම බළල් පරපුර එහි 16 වන සියවසේ ඉදි කළ එල් මොරෝ (El Morro) බලකොටුව ආශ්‍රයේ වාසය කරයි. එය එතිහාසික උරම කලාපයක් වශයෙන් ද නම් කර තිබේ.
(AP ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
US halts plan to remove iconic stray cats from a historic area in Puerto Rico's capital






