ඉරානයේ තෙල් ආකාර වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමේ තැත වහා වළක්වන ලෙස ගල්ෆ් රටවල් කිහිපයක් එක්සත් ජනපද රජයට බල කර සිටිති.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල් විසින් එම ඉල්ලීම සිදු කර ඇත.
ඊශ්‍රායලය විසින් ඉරානයේ තෙල් ආකාර සහ සංචිත ඉලක්ක කර යම් පහර දීමක් සිදු වුවහොත්, ඉරාන ප්‍රතිප්‍රහාරවලින් සිය රටවලට ද දැඩි හානි සිදුවියහැකි බවට ඔවුහු අනතුරු අඟවති. මේ හේතුවෙන්, එවැනි කිසිදු ඊශ්‍රායල ප්‍රහාරයක් පිණිස, සිය ගුවන් කලාප පරිහරණය කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට, ගල්ෆ් රටවල ගුවන් කලාප යොදා ගැනීමට ඊශ්‍රායලයට අවසර දුනහොත්, එම රටවලට දරුණු ප්‍රති විපාකවලට මුහුණ පෑමට සිදු වෙතැයි ඉරානය පසු ගිය දා ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය වෙත එල්ල කල ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට අනිවාර්ය පිළිතුරු දෙන බවට ඊශ්‍රායලය දිව්රා සිටී.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Exclusive: Stop Israel from bombing Iran's oil sites, Gulf states urge US






