leader s

අල්ලස් ගැනීමේ චෝදනා මත චීනයේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ෆෑන් යිෆෙයි (Fan Yifei) ට එරට අධිකරණයක් මරණ දඬුවම පනවයි. ඒ බව චීන මාධ්‍යය ඊයේ (10) තහවුරු කළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 54.55ක් වටිනා දේපළ, ඉහළ නිලතල මත පිහිටා නීති විරෝධීව ලබා ගැනීමේ අපරාධ චෝදනා මත ඔහුට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. 

ඔහු, චීන ඉදිකිරීම් බැංකුව ඇතුළු රාජ්‍ය මූල්‍යායතන කිහිපයක ද ඉහළම තනතුරු හෙබවූවෙකි.  

 

yefei4

අධිකරණ තීරණය දෙවසරක අත්හිටවූ මරණ දඬුවමකට යටත් කොට ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් නියම කර තිබේ. එම දඬුවම යළි කිසිදු ආකාරයකින් ලිහිල් නොකෙරෙන බව එරට හුබෙයි (Hubei) පළාත්බද අතරමැදි අධිකරණයක් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැන්වීය. 

ඔහු විසින් අල්ලස්‌ වශයෙන් ලබා ඇති දේපළවල මූල්‍ය අගය අති විශාල බවත්, ඉන් ජනතාවට සහ රාජ්‍යයට සිදු වූ පාඩුව අසීමිත බවත් අධිකරණය ප්‍රකාශ කළේය. 

60 වන වියෙහි පසුවන ඔහු, චීන ජනපති ෂී ජින්පිං (Xi Jinping) විසින් ඉකුත් දශකයේ රාජ්‍ය දූෂණ වංචා මුලිනුපුටා දැමීම පිණිස ක්‍රියාත්මක දූෂණ මර්දන වැඩසටහන යටතේ අත්අඩංගුවට ගැනිණි. ඔහුට එරෙහි විමර්ශන 2022 දී ඇරඹි අතර පසු ගිය වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හැරිණි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Former China deputy central bank head gets suspended death sentence for taking bribes

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්