leader s

පාකිස්ථානයේ, බලුකිස්තාන් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ගල් අඟුරු ආකාර කම්කරුවන් 20ක් ජීවිතක්ෂයට පත්වෙති. සිද්ධියෙන්, හත් දෙනකු තුවාල ලැබූහ. 

ඊයේ (10) අළුයම එම ප්‍රහාරය එල්ල වී තිබේ.

එරට දුකී (Duki) පළාතේ පිහිටි ජුනයිඩ් ගල් අඟුරු සමාගමට අයත් කුඩා ආකාර සහ පතල් කම්කරුවන් පිරිසක් ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කර තිබේ. සන්නද්ධ පිරිස බර අවි යොදා ගනිමින් ආකර වෙත රොකට් සහ ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
At least 20 killed in attack on miners in southwestern Pakistan, police say


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්