පලස්තීන ගැටුමින් අවතැන් පුද්ගලයින් රැඳී සිටි ගාසාහි දෙර් අල්-බලා (Deir Al-Balah) හි පාසල් පරිශ්‍රයකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුළු 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. ප්‍රහාරය ඊයේ (10) සිදුකර තිබේ.
ගාසාහි උතුරු ප්‍රදේශයේ රෝහල්වලින් වහා ඉවත් වන ලෙසද ඊශ්‍රායල හමුදා විසින් දැනුම් දී ඇත.
ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක වෙත ඊයේ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති. හමාස් ත්‍රස්තයින්, යළි සාමාන්‍ය ජනතාව අතර සිට ඊශ්‍රායල හමුදාවන්ට එරෙහි ත්‍රස්ත ක්‍රියා ආරම්භ කර ඇතැයි ඔවුහු චෝදනා කරති. එය එම ත්‍රස්ත සංවිධානයේ සංවිධිත ක්‍රමෝපායයක් බවද ඊශ්‍රායල හමුදාව පෙන්වා දෙයි.
ඊයේ ප්‍රහාරයෙන්, අවතැන් කඳවුරේ සිටි විශාල පිරිසක් තුවාළ ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israeli airstrike kills 28 people sheltering in Gaza school






