ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට අති මහත් විපතක් සිදු කරමින් මිල්ටන් සුළි කුණාටුව ඊයේ (10) අත්ලාන්තික් සාගරයට පිවිසියේය.
කුණාටුව නිසා හටගත් ටොනාඩෝ තත්වයන්ගෙන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අවම වශයෙන් ටොනාඩෝ 27ක් ප්‍රදේශයට බලපෑ බව කාලගුණ බලධාරීහු පවසති.
ප්‍රදේශයේ මිලියනකට අධික ජනතාව වෙත තව දුරටත් විදුලිය විසන්ධි වී තිබේ. ඊයේ මධ්‍යහ්නය වනවිටත් ප්‍රාන්තයේ මිලියන 3.2 ක නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසක විදුලිය ඇණහිට තිබූ බව නාගරික බලධාරීහු පවසති. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි ඔවුහු කියා සිටිති.
ප්‍රදේශය පුරා ඇදහැළුණු මිලි මීටර 457 ක වර්ෂාපතනයත් සමග ගංගා පිටාර ගැලීමෙන් හටගත් ගංවතුර තර්ජනය මෙතෙක් පහව ගොස් නැතැයි ද වාර්තා වේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Hurricane Milton leaves at least 10 dead, millions without power in Florida






