ලෝක බැංකු විධායක මණ්ඩලය යුක්‍රේනයට ආධාර පිණිස නව අතරමැදි මූල්‍ය අරමුදලක් ඊයේ (10) අනුමත කළේය.
ඊට එක්සත් ජනපදය, කැනඩාව සහ ජපානය යන රවල මූල්‍ය දායකත්වය පිරිනැමේ. ඒ පිළිබඳව සිදුකළ ඡන්ද විමසීමේදී රුසියාව එම තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.
ලොව ධනවත් රටවල් රැසක් විසින් යුක්‍රේනයට ආධාර පිණිස මේ වසර අවසන් වන විට, ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක අරමුදල් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ. ජී 7 රාජ්‍යයන්ගේ විශේෂ අනුග්‍රහය යටතේ, එම රටවල පවතින අත්හිටවූ රුසියානු වත්කම් ද භාවිත කරමින් යුක්‍රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 38.3 ක ණය ප්‍රතිපාදන ලබා දීමට යුරෝපීය සංගමය ද තීරණය කර තිබේ.
මීට දෙවසරකට පෙර රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග, ඉකුත් වසරේ යුක්‍රේන යුද වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 90 ඉක්මවීය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Exclusive: World Bank board approves new Ukraine fund






