ගාසා තීරයේ යළි උත්සන්න වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ජබාලියා (Jabalia) සරණාගත කඳුවුරේ අවතැන්ව සිටින දහස් ගණනක
පිරිසක් එහි සිරවී සිටින බව රොයිටර්ස් පුවත් වාර්තා කරයි.
ඒ වෙත ඊයේ (11) එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 20කට අධික පලස්තීනුවන් පිරිසක් ඝාතනය ව, තවත් බොහෝ දෙනෙක් තුවාළ ලැබූහ.
හමාස් සංවිධානය නැවත වරක් "කල්ලි ගැසීම" වලකාලීම පිණිස එම ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් ඇති බවද වාර්තා වේ.
ජබාලියා හි හමාස් සන්නද්ධ සාමාජිකයින් රැසක් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි.
ඊශ්‍රායල හමුදා විසින් කිසිවකුට ප්‍රදේශයට ඇතුළුවීම හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
සමස්ත ගාසා තීරය පුරා ඊයේ සිදුකළ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 61 දෙනකු මිය ගිය බව රොයිටර්ස් පවසයි.
ඊශ්‍රායල හමුදාවන්ට එරෙහි ප්‍රහාර නොනවත්වන බව හමාස් කියා සිටී.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Thousands trapped in Jabalia camp as Israel escalates deadly attacks in northern Gaza






