එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයේ අති නවීන මිසයිල නාශක පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටී.
පර්යන්ත ගුවන් ආරක්ෂක බැටරිය හෙවත් 'තාඩ්' ආරක්ෂක පද්ධතිය (Terminal High Altitude Area Defense - THAAD) ලෙස නම් කර ඇති එය, එක්සත් ජනපදයේ පූර්ණ අනුමැතිය යටතේ සම්පාදනය කෙරෙන බව පෙන්ටගනය තහවුරු කළේය. ඒ සමග, ඊශ්‍රායලය වෙත ඇමෙරිකානු හමුදා විශේෂඥයින් රැසක් ද පිටත් කර හැරීමට කටයුතු කෙරේ.
නව ආරක්ෂක පද්ධතිය ඊශ්‍රායලයේ දැනට ක්‍රියාත්මක ගුවන් ආරක්ෂක පද්ධතිය හා ඒකාබද්ධ කෙරේ. එමගින්, ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාරයන්ට, වඩා සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලය මෙන්ම, එහි වෙසෙන ඇමෙරිකානුවන් ආරක්ෂා කිරීම උදෙසා එය ස්ථාපිත කෙරෙන බව පෙන්ටගනය ප්‍රකාශ කරයි.
මීට දෙසතියකට පමණ පෙර ඉරානය, ඊශ්‍රායලය වෙත 180 කට අධික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඊට ඉඳුරා පළි ගන්නා බව ඊශ්‍රායලය පැවසීය.
ප්‍රහාරය එතෙකින් සමාප්ත බව ඉරානය කීවේය. ප්‍රති ප්‍රහාර අනිවාර්ය බවත්, එය නිහඬව ඉවසා දරා ගන්නා ලෙසත් ඊශ්‍රායලය කියා සිටී.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍රය :
US deploying THAAD missile defence system, troops to Israel






