leader s

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් උතුරු ලෙබනනයේ 21 දෙනෙක් මරු දකිති. ඊයේ (14) එම  ප්‍රහාරය එල්ල කර තිබේ.

ඊට ප්‍රති ප්‍රහාර ලෙස හිස්බුල්ලා සංවිධානය ද දේශ සීමා හරහා මිසයිල ප්‍රහාර එල්ල කළහ. ඉන් ගැලවීම පිණිස, ප්‍රදේශවාසී ඊශ්‍රායල වැසියන් මිලියනයකට අධික පිරිසකට ආරක්ෂක මධ්‍යස්ථාන කරා පලා යාමට සිදු විය. 

ලෙබනනයේ, ඊශ්‍රායල  හමුදා ක්‍රියාන්විත මෙතෙක් නැගෙනහිර බෙකා නිම්නය, බීරුත් අගනුවර තදාසන්න පෙදෙස්, සහ දකුණු ලෙබනනය ඉලක්ක කර ක්‍රියාත්මක විය. එම ප්‍රහාර හමුවේ, එක්සත් ජාතීන්ගේ සාම හමුදා ද අපහසුතාවට පත්ව  සිටිති. වහා සිය සාම හමුදා ලෙබනනයේ ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට මීට පෙර දැනුම් දුන්නේය.

 

දකුණු ලෙබනනයේ පිහිටි එම සාම බලකා සේනාංක ඊශ්‍රායල සහ හිස්බුල්ලා වෙඩි හුවමාරුවලට මැදි වීමත් සමග එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය, ඊයේ ඒ පිලිබඳ සිය දැඩි කනස්සල්ල පල කළේය. 

උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන අයිතෞ (Aitou) නගරය වෙත එල්ල වූ ප්‍රහාරයකින්, අවතැන් පිරිස් විසූ කුලී නිවසක් විනාශයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් 08 දෙනකු තුවාළ ලබා ඇතැයි ලෙබනන සෞඛ්‍ය බලධාරීහු පවසති. සහන කණ්ඩායම්, සුන්බුන් අතර සිරවූවන්  සොයා තවදුරටත් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති. 

දකුණු ලෙබනනයේ ප්‍රදේශ 25 ක වෙසෙන ජනතාවට වහා ඉන්  ඉවත්ව, උතුරු  අවාලි (Awali) ගංගා ධාරය වෙත පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව විසින් දැනුම් දී තිබේ.

 

හමාස් ත්‍රස්තවාදය' ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය - (කුසල් පෙරේරා)

ඉකුත් ඉරු දින (13) ඊශ්‍රායල හමුදා භටයින් 04 දෙනකුට දිවි අහිමි කර තවත් විශාල පිරිසකට තුවාළ සිදු කරමින්, හිස්බුල්ලා ප්‍රහාරයක් එල්ල වූ ඊශ්‍රායල හමුදා කඳවුර වෙත පැමිණි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඉරාන සහාය ලබන හිස්බුල්ලා සංවිධානයට අනුකම්පා විරහිතව පහර දෙන ලෙසත්, ලෙබනනයේ "අස්සක් මුල්ලක් නෑර" ත්‍රස්තවාදීන් සොයා හමුදා ක්‍රියාන්විත සිදු කරන ලෙසත් සිය හමුදාවන්ට උපදෙස් දුන්නේය.

ඊයේ, ඊශ්‍රායලය වෙත එල්ල කළ හිස්බුල්ලා මිසයිල 115 ක පමණ සංඛ්‍යාවක් ලෙබනන දේශ සීමා පසු කරත්ම, ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය මගින්  විනාශ කෙරිණි. ආරක්ෂක සයිරන් නාද වීමත් සමග මධ්‍යම ඊශ්‍රායල වැසියෝ නිවෙස් අතහැර ආරක්ෂක ස්ථාන වෙත පලා ගියහ. 

 

ඊශ්‍රායලය දකුණු ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් අරඹයි
දකුණු ලෙබනනය ඔස්සේ සිදු කෙරෙන ඊශ්‍රායල භූමි ආක්‍රමණ හේතුවෙන්, එහි කඳවුරු ලා සිටින එක්සත් ජාතීන්ගේ සාම හමුදා සහ ඊශ්‍රායල හමුදා අතර ද දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ. ඊශ්‍රායල යුද හමුදා රථ සහ යුද ටැංකි, පසුගිය ඉරිදා සිය මූලස්ථානයට කඩා වැදුණු බව සාම හමුදා ප්‍රකාශ කරති. 

හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම තමන් සතු බවත්, ලෙබනනයේ ඔවුන්ට එරෙහි හමුදා ක්‍රියාන්විත සහ ප්‍රහාර අඛණ්ඩව සිදු කරන බවත් අග්‍රාමාත්‍ය නෙතන්යාහු කියා සිටී. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel strikes north Lebanon town, UN expresses concern about peacekeepers


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්