ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවරට ආසන්න අධිවේගී මාර්ගයකදී නාඳුනන තුවක්කුකරුවකු අද සිදු කළ වෙඩි තැබීමකින්, පොලිස් නිලධාරියකු මියගොස්
සිව් දෙනෙක් තුවාළ ලැබූහ.
අධිවේගී මාර්ගය වෙත පා ගමනින් පැමිණි තුවක්කුකරු එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට වෙඩි තැබීමෙන් අනතුරුව මාර්ගයේ ගමන්ගත් රථ වාහන වෙත දිගින් දිගටම වෙඩි තැබූ බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේ, අසලින් ගමන් කළ සාමාන්‍ය පුරවැසියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවක්කුකරු ජීවිතක්ෂයට පත් විය. තුවක්කුකරු පිලිබඳ නිවැරදි තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.
හමාස් ත්‍රස්තවාදීන් විසින් පසුගිය වසරේ ඔක්තෝබර 7 වැනි දා සිදු කළ මෙවැනිම හදිසි ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන් 1200කට අධික පිරිසක් ඝාතනය වූහ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Gunman opens fire on Israeli highway before being shot, police say






