උතුරු කොරියාවේ තරුණයින් මිලියන 1.4ක් මෙම සතිය තුළ හමුදා සේවයට අලුතින් බැඳීමට හෝ ඊට යළි එක් වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇතැයි එරට
රාජ්‍ය මාධ්‍ය ඊයේ (15) ප්‍රකාශ කළේය.
නොබෝදා දකුණු කොරියාව විසින් උතුරු කොරියාව වෙත ඩ්‍රෝන ආක්‍රමණයක් සිදු කෙරිණි.
ඊට පිළිතුරු ලෙස උතුරු කොරියාව "වැඩ පෙන්වීම" ආරම්භ කොට තිබේ.
උතුරු කොරියාව ඉකුත් අඟහරුවාදා (15), දෙරට දේශසීමා අසල පිහිටි එරටට අයත් හරස් මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ කොටසක් ද පුපුරවා හැරියේය.
දකුණු කොරියාව සමග සියලු ප්‍රවාහන සබඳතා අවසන් බව ප්‍රකාශ කරමින්, උතුරු කොරියාව ඉකුත් අඟහරුවාදා (15), දෙරට දේශසීමා අසල පිහිටි එරටට අයත් හරස් මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ කොටසක් ද පුපුරවා හැරියේය.
එරට ශිෂ්‍යයින් සහ තරුණ ප්‍රජා නිලධාරීන් රැසක් සතුරාට එරෙහිව විප්ලවයේ අවි දැරීමට සිය අත්සනින් ගිවිසගත් බව රජයේ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.
කොරියානු අර්ධද්වීපය තුළ යුද උණුසුම "එන්න එන්නම" වර්ධනය වෙමින් පවතී.
එවන් පසුබිමක, දෙදිනක් වැනි ඉතා කෙටි කලක් ඇතුළත උතුරු කොරියානු තරුණයින් මිලියනයකට අධික පිරිසක් කොරියානු මහජන හමුදාවට එක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇතැයි එරට මාධ්‍ය පවසයි.
පසුගිය වසරේ එක්සත් ජනපදයට එරෙහිව සටන් වැදීමට උතුරු කොරියානුවන් 800,000ක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ද එවක, එරට රාජ්‍ය මාධ්‍ය පැවසීය.

ඊට පෙර 2017 දී ද, එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ, උතුරු කොරියානු කම්කරුවන්, පක්ෂ සාමාජිකයින් සහ හිටපු හමුදා සෙබළුන් ඇතුළු මිලියන 3.5 ක ට ආසන්න පිරිසක් හමුදාවට අළුතින් බැඳීමට හෝ නැවත එක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි බවය.
උතුරු කොරියාව ඉදිරිපත් කරන මෙවැනි තොරතුරු "තාර බර" හැර විමසා බැලිය යුතු යැයි ජාත්‍යන්තර යුද නිරීක්ෂකයෝ පවසති.

උපාය මාර්ගික විෂය පිලිබඳ ජාත්‍යන්තර අධ්‍යයනායතන (IISS) වාර්තා අනුව, උතුරු කොරියාව සතුව මිලියන 1.28 ක සක්‍රීය යුද හමුදාවක් ඇත. ඊට අමතරව ඕනෑම අවස්ථාවක හමුදා සේවයට එක්වීමට සූදානම් 600,000ක පුහුණු සංචිතයක් ද පවතී. මිලියන 5.7 ක කම්කරු, ගොවි රතු බලකායක් ද උතුරු කොරියාව සතුය.
1950 -1953 කාලයේ දෙරට අතර පැවති යුද්ධය ගිවිසුමින් තොර සටන් විරාමයකින් කෙළවර විය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
North Korea says 1.4 million young people apply to join army






