එක්සත් ජනපද විරෝධය නොතකා, ඊයේ (15) ඊශ්‍රායලය බීරුත් අගනුවර වෙත යළි ගුවන් ප්‍රහාර එල්ල කළේය.
ලෙබනනයේ යුද්ධයෙන් මිය යන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යත්ම, එරට ඉලක්ක කර දිගින් දිගටම ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ සිය විරෝධය පල කරන බව එක්සත් ජනපදය දැනුම් දුන්නේය.

අවම වශයෙන් දකුණු බීරුත් හි ජනාවාස දෙකක විශාල පිපිරුම් හඬ ඇසුණු බවත්, ඉන් පසු දුම් වළාවන්ගෙන් අවට පරිසරය වැසී යනු දුටු බවත්, සිය වාර්තාකරුවන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි. බීරුත් අගනුවර හිස්බුල්ලා බල කඳවුරක් සේ සැලකේ. එහි වෙසෙන සාමාන්‍ය ජනතාව වෙත වහා ඉවත්වන ලෙස දන්වමින්, හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි.
එක් ජනාවසයකින් ඉවත්වන ලෙස දන්වා, ඒ සමග තවත් ජනාවාසයකට හෝ ජනාවාස කිහිපයක් එල්ල කර එම ප්‍රහාර සිදු කෙරේ. උපක්‍රමික වශයෙන් එසේ සිදුකළ ද, ඉන් සිවිල් වැසියන්ට සහ එම දේපලවලට බරපතල හානි සිදුවේ. එහෙත්, ජනතාවට එම කලාප වලින් ඉවත් වීමට අවස්ථානුකූල දන්වීම් සිදු කරන බව ඊශ්‍රායල හමුදා පවසති.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israeli strike rocks Beirut after US says it opposes scope of air assault






