leader s

වන් ඩිරෙක්ෂන් (One Direction) සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු වූ ලියම් පේන් (Liam Payne) ඊයේ (16) ආර්ජන්ටිනාවේ බුඑනොස් අයෙර්ස් (Buenos Aires) හි තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්විය.

මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කිරීමෙන් ඇති වූ සිහි විකල්වීම හේතුවෙන්, ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් ගොඩනැගිල්ලේ තෙවෙනි මහලේ සඳළුතලයෙන් ඇද වැටී පේන් මරණයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කරයි. 

එක් දරු පියල්කු වූ ඔහු, මිය යන විට 31 වන වියේ පසු විය. පේන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

One Direction singer Liam Payne dead after falling from Buenos Aires hotel balcony


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්