leader s

පැසිෆික් සයුර මධ්‍යයේ පිහිටි ඉතා කුඩා, දර්ශනීය බිම් කඩක් වන පාස්කු දිවයින (Easter Island) ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි පරිසර දූෂණයකට ලක් වෙමින් පවතී.

දේශීය බසින් රපා නුයී (Rapa Nui) යනුවෙන් එම දිවයින හැඳින්වේ.

 

EI 1

චිලී වෙරළ තීරයෙන් එක්වන ප්ලාස්ටික් සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයට වඩා පනස් ගුණයකට අධික එම අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු රළ ඔස්සේ ඒ වෙත ඇදී එනබව, නගර සභා නිලධාරීහු පවසති. දකුණු පැසිෆික් කලාපය මත දිවයිනේ පිහිටීම, ඕස්ට්‍රේලියාව හා දකුණු ඇමෙරිකාව යන රටවලින් සහ වෙනත් රටවල ධීවර යාත්‍රා වෙතින් බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩි වශයෙන් එහි ඇදී ඒමට හේතු වී තිබේ. දිවයිනට ඇදී එන ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් 58% ක ප්‍රතිශතයක් චිලී ආශ්‍රිත කලාපයෙන් එක්වේ. 

 

පාස්කු දිවයින් වෙරළ තීරයේ එකතු වන බොහෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපද්‍රව්‍ය තම දිවයිනට අයත් ඒවා නොවන බවත්, අන් රටවල ධීවර යාත්‍රා මගින් සාගර පරිසරයට මුදා හැරෙන නොදිරන අපද්‍රව්‍ය බවත්, එරට සමුද්‍ර ජීව විද්‍යාඥවරියක වන මොයිකෝ පැකොමියෝ (Moiko Pakomio) පවසයි. මුහුදු රළ  ඔස්සේ ඇදී එන පල්ස්ටික් අපද්‍රව්‍ය, බොහෝ දුරක් රළ මත ගැටෙමින් ගමන් කිරීම හේතුවෙන්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්වී, අවසන ආසන්න වෙරළ තීරයකට ගොඩගැසෙන බව ඇය සඳහන් කරයි.

 

EI2

එම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපද්‍රව්‍ය, දිවයිනේ ජලජ ජීවී පරිසරයට මෙන්ම, ගොඩබිම මත ස්වභාවික පරිසරයට ද දැඩි තර්ජනයක් ව පවතින බවද පැකොමියෝ පෙන්වා දෙයි. ඒ හේතුවෙන්, මිනිස් පරිභෝජනය සඳහා ගැනෙන මුහුදු පැලෑටි සහ ඒ ආශ්‍රිත සියළු මත්ස්‍ය නිෂ්පාදන පමණක් නොව, මුහුදු පක්ෂීන්ගේ ද ආහාර පිණිස පවතින සියලු ජලජ ආහාර ඇතුළු සමස්ත ආහාර දාමයම දූෂණය වී ඇතැයි  ඇය පවසයි.  

Ei 3

 

දිවයින් වාසීන් සිය ප්‍රෝටීන අවශ්‍යතා මූලිකව සපුරා ගන්නේ සිය මුහුදු කලාපය ආශ්‍රිත නිල් මත්ස්‍ය සම්පතිනි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් මේ වන විට, එම මත්ෂ්‍ය විශේෂ සියල්ල සීග්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට ද ලක්ව පවතී. 

වෙනත් රටවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය පාස්කු දිවයින වෙත ඇදී ඒමට එරෙහිව ජාත්‍යන්තර අවධානය පිණිස, මේ වන විට එහි විරෝධතා ව්‍යාපාරයක් ද හට ගෙන තිබේ. ඉදිරියේදී, දෛනික කටයුතු පිණිස ප්ලාස්ටික් නිෂ්පාදන අවම වශයෙන් භාවිත කිරීම පිලිබඳ දකුණු කොරියාව සහ පාස්කු දිවයින අතර විශේෂ ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Easter Island battles global vortex of plastic waste


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්