leader s

උතුරු කොරියාව විසින් දකුණු කොරියාව 'සතුරු රාජ්‍යයක්' ලෙස නිල වශයෙන් නම් කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය නායකයාගේ අභිමතය පරිදි  උතුරු කොරියානු උත්තරීතර මහජන මන්ත්‍රණ සභාව, එරට ව්‍යවස්ථාව සංශෝධනය කළ බව රාජ්‍ය මාධ්‍ය  අද නිවේදනය කළේය. නව ව්‍යවස්ථා සංශෝධනයත් සමග දෙරට අතර ද්වීපාර්ශ්වීය සහයෝගිතාව පිණිස පැවති ඉලක්කගත සියලු ජාතික ක්‍රියාන්විත උතුරු කොරියාව විසින් වහා අත්හැර දැමේ.

 

Inter Korea Road Explosion NIPPON TELEVISION NETWORK

දකුණු කොරියාව, උතුරු කොරියාවේ ඩ්‍රෝන ආක්‍රමණයක් සිදු කිරීමත් සමග කෝපාවිෂ්ඨ වූ උතුරු කොරියානු හමුදාව, දේශ සීමා ඔස්සේ දෙරට යා කෙරෙන ප්‍රධාන හරස් මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ එරටට අයත් කොටසක් ඉකුත් අඟහරුවාදා (15) පුපුරවා හැරීමට කටයුතු කළේය. එය සතුරු රාජ්‍යයකට එරෙහි ව්‍යවස්ථානුකූල පියවරක් බව උතුරු කොරියාව ප්‍රකාශ කරයි.



ඒ අනුව, දෙරට අතර උතුරු දේශ සීමාවේ පිහිටි මාර්ග පද්ධතියට අයත් මීටර 60 ක කොටසක් මුළුමනින්ම විනාශ කොට තිබේ. එමගින්, සිය රට පූර්ණ වශයෙන් දකුණු කොරියාවෙන් වෙන් කළ බව උතුරු කොරියාව කියා සිටී. 


නව ව්‍යවස්ථා සංශෝධනයත් සමග, නිල  වශයෙන් සතුරු රාජ්‍යයක් ලෙස නම් කෙරෙන කොරියානු සමූහාණ්ඩුව හෙවත් දකුණු කොරියාව සමග ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුවට මින් මතු කිසිදු ව්‍යවස්ථාපිත මිත්‍ර ගනු දෙනුවක් නැතැයි කිම් ජොඞ් උන් (Kim Jong Un) රජය පවසයි.
 
සතුරු ප්‍රහාරයකදී ඒකාන්තයෙන් න්‍යෂ්ටික අවි අතට ගන්නවා' - උතුරු කොරියාව  අනතුරු අඟවයිKim Jong Un
 
උතුරු කොරියාව නිල වශයෙන් හැඳින්වෙන්නේ, ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව ලෙසිනි.
 
උතුරු කොරියාවේ නව ව්‍යවස්ථා සංශෝධනය සහ අසල්වැසියා සතුරකු ලෙස නම් කිරීම, දැඩි ලෙස හෙලා දකින බව, දකුණු කොරියානු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. එය දෙරට අතර සාමකාමී සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණයකට එරෙහි වෛරීසහගත මෙන්ම ප්‍රකෝපකාරී හදිසි තීරණයක් බවද දකුණු කොරියාව කියා සිටී.
 
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:

North Korea calls South Korea 'hostile state' indicating constitution change


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්