leader s

ජපානයේ ජනාදරයට පත් සිනමා නළු, නිෂිදා ටොෂියුකී (Nishida Toshiyuki) අභාවප්‍රාප්ත වෙයි.

තෝකියෝ නුවර පිහිටි සිය නිවසේ ඇද වැටීමෙන් නිෂිදා ඊයේ (16) ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු, ජපාන ඇකඩමි සම්මානලාභී සිනමා තරුවකි. 1988 තිරගත වූ 'ද සිල්ක් රෝඩ්' (The Silk Road ) සහ 1993 තිරගත වූ 'සුරිබකා නිෂි  6' (Tsuribaka Nisshi 6) හෙවත් 'විනෝදය පිණිස මසුන් මරන්නගේ දිනපොත' යන චිත්‍රපට වෙනුවෙන් එහිදී ඔහු හොඳම නළුවාට හිමි සම්මාන දිනාගත්තේය.

ජපානයේ ජනප්‍රිය රුපවාහිනී මාලා වැඩසටහනක් වූ 'මන්කි' හි රඟ පෑ 'පිග්සි' ගේ (Pigsy) චරිතයෙන් ඔහු එරට ඉමහත් ජනාදරයට පාත්‍ර විය. 

මිය යන විට නිෂිදා ගේ වයස අවුරුදු 76කි. 

(NHK ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Japanese actor Nishida Toshiyuki has died | NHK WORLD-JAPAN News


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්