(යාවත්කාලීනවී ඇත)
හමාස් සංවිධානයේ නායක යහ්යා සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) මීට සවල්ප වෙලාවකට පෙර තහවුරු කළේය.
ඩී.එන්.ඒ. දත්ත තහවුරු කීරීම් ඔස්සේ එම පුවත සනාථ කෙරෙන බව ඊශ්‍රායල හමුදාවෝ මීට සුළු වේලාවකට ප්‍රථම තහවුරු කළහ.
ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ ඊයේ (16) සිදු කළ ක්‍රියාන්විත හමුවේ ඔහු ඝාතනය වී තිබේ.
(Aljzeera ඇසුරින් ..)
මූලාශ්‍ර:
Israeli military confirms Hamas leader Yahya Sinwar is dead
ඩී.එන්.ඒ. දත්ත තහවුරු කීරීම් ඔස්සේ එම පුවත සනාථ කෙරෙන බව ඊශ්‍රායල හමුදාවෝ මීට සුළු වේලාවකට ප්‍රථම තහවුරු කළහ.
ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ ඊයේ (16) සිදු කළ ක්‍රියාන්විත හමුවේ ඔහු ඝාතනය වී තිබේ.
(Aljzeera ඇසුරින් ..)
මූලාශ්‍ර:
Israeli military confirms Hamas leader Yahya Sinwar is dead
ඊශ්‍රායලය පුරා සින්වාර් ඝාතන ප්‍රවෘත්තිය සැමරේ

තවත් පැයකට ආසන්න කාලයක් තුළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාත්‍යන්තරය ඇමතීමට නියමිතය.
හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය පිලිබඳ ඊශ්‍රායලය පුරා ජනතාව ප්‍රීතිඝෝෂා නගමින් ජය සමරන බව අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි.
ඩී.එන්.ඒ., දන්ත සහ ඇඟිලි සළකුණු ඔස්සේ සින්වාර් ඝාතනය තහවුරු කිරීමට ඊශ්‍රායල හමුදා යුහුසුළුව කටයුතු කරමින් සිටින බව අල්ජසීරා, මීට ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කළේය.
Hamas website cautions to wait for more info on Sinwar
ඊශ්‍රායලය හමාස් නායකයා ඝාතනය කළ බවට ලොව පුරා පුවත් පැතිරේ
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හමාස් හමුදා ප්‍රධානී යහ්යා සින්වාර් (Yahya Sinwar) ඝාතනය වූ බවට මේ වන විට ලොව පුරා සීඝ්‍රයෙන් තොරතුරු පැතිර යමින් පවතී. පුවත සත්‍යයක් නම්, ඊශ්‍රායලයට සිය ස්වයං-ආරක්ෂාව වෙනුවෙන් තව දුරටත් ක්‍රියාත්මක වෙමින්, ගාසා තීරයේ නිසැක සටන් විරාමයක් පිණිස ද දොරටු විවෘත වන්නේ යයි, ඉතාලි විදේශ අමාත්‍ය අන්තෝනියෝ තජානි (Antonio Tajani) මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළේය.
සින්වාර් ඝාතනය වූ බවට ඊශ්‍රායල පාර්ශ්වයෙන් පළ වන ප්‍රවෘති සැක සහිත බවත්, ඒ පිලිබඳ සිය නිවැරදි තොරතුරු ඉදිරියේදී අපේක්ෂාවෙන්, විශ්වාස පෙරදැරිව සිටින ලෙසත්, හමාස් ලැදි අල්-මජාද් (Al-Majd) වෙබ් අඩවිය පලස්තීන වැසියන්ගෙන් ඉල්ලා සිටී.
ඊශ්‍රායල හමුදා වෙතින් සින්වාර් ඝාතනය පිලිබඳ තහවුරු කෙරෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්, ජෝන් හේලි (John Healey), බ්‍රසල්ස් හි පිහිටි නේටෝ (NATO) මූලස්ථානයේදී මාධ්‍ය අමතා අද ප්‍රකාශ කළේය.
ත්‍රස්ත නායක සින්වාර්ගේ ඝාතනය පිලිබඳ කිසිදු අනුකම්පාවක් නැතැයි ඔහු පැවසීය.
පසුගිය වසරේ ඔක්තෝබර 07 දා, අහිංසක ඊශ්‍රාල වැසියන් 1200 කට අධික පිරිසක් ඝාතනය කරමින්, සහ තවත් 250 කට අධික පිරිසක් ජීවග්‍රහයෙන් ගෙන ඔවුන්, ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරමින්, යුදෙව් ඉතිහාසයේ අඳුරුතම දිනය උදා කළ ම්ලේච්ඡ හමාස් මෙහෙයුමේ මහ මොළකරු වූ සින්වාර්, ලක්ෂ සංඛ්‍යාත අහිංසක පලස්තීනුවන් සංඛ්‍යාවක් මරාගෙන මියගිය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් පවසයි.
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටින ඊශ්‍රායල වැසියන්ගේ සහ විදෙස් ජාතිකයින්ගේ පවුල් සාමාජිකයින් සින්වාර්ගේ ඝාතනය පිලිබඳ සිය සතුට පළ කරන අතර, "දැන්වත්" ඉතා කඩිනමින්, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ඔස්සේ, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට කටයුතු කරන ලෙස ඊශ්‍රායලය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයෙන් ඉල්ලා සිටී.
කෙසේ වුවත්, නවතම ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සින්වාර් ඝාතනය වූ බව මෙතෙක් කිසිදු පාර්ශ්වයක් වෙතින් සනාථ කර නැත.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මුලාශ්‍රය
Hamas sources say indications suggest leader Yahya Sinwar has been killed






