හමාස් නායක යහ්යාර් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාත්‍යන්තරය අමතමින්
මීට සුළු වේලාවකට ප්‍රථම නිවේදනය කළේය.
හමාස් අත්අඩංගුවේ පසුවන පවුල් සාමාජිකයින් වෙත එම ජයග්‍රාහී පණිවුඩය ලබා දෙන ලෙස ද ඔහු සිය ප්‍රධානීන් වෙත දැනුම් දුන්නේය.
ගාසා තීරයේ ඊයේ (16) සිදු කළ මෙහෙයුම් වලින් ප්‍රධාන පෙළේ හමාස් නායකයින් තිදෙනකු මිය ගිය බව ඊශ්‍රායල හමුදා මීට පෙර ප්‍රකාශ කළහ. එම ප්‍රහර වලදී හමස් නායක යහ්යාර් සින්වාර් මිය ගිය බව ඊශ්‍රායල හමුදා අද, තහවුරු කළහ.
(දකුණු ආසියාවේ ප්‍රමුඛ බහු මාධ්‍ය ඒජන්සිය, ANI ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Sinwar is dead: Israel PM Netanyahu confirms death of Hamas chief
සබැඳි පුවත :
හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය තහවුරු කෙරේ






