පසුගිය වසරේ සැප්තැම්බර් මසට සාපක්ෂාව, මෙම වසරේ එම කාලය තුළ සිංගප්පූරුවේ ඉන්දන මත නොවන දේශීය අපනයන 2.75%
කින් ඉහළ ගොස් තිබේ.
එරට නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික සහ වෙනත් භාණ්ඩ අපනයනවල වර්ධනය ඊට හේතුවයි.
රොයිටර්ස් පුවත් සේවයේ පෙර අනාවැකි මගින් ප්‍රකාශිත 9.3% ක ඉහළ යාමට සාපේක්ෂව ඉකුත් අගෝස්තු මස වර්ධනය 10.7%කි.
රටක් තුළ දේශීය වශයෙන් නිෂ්පාදිත භාණ්ඩ හා සේවා සහ, වෙනත් රටවලින් ආනයනය කර තත්ත්වය සහ අගය එකතු කිරීම මත ප්‍රති නිෂ්පාදිත භාණ්ඩ අපනයනය දේශීය අපනයනය (Domestic Export) යනුවෙන් හැඳින්වේ.
ඉකුත් වසරේ සැප්තැම්බරයට සාපේක්ෂව එරට ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයන 4% කින් ද, වෙනත් භාණ්ඩ අපනයන 2.3% කින් ද ඉහළ ගොස් ඇතැයි සිංගප්පූරු සමාගම (Enterprise Singapore) සඳහන් කරයි.
යුරෝපා සංගමය, ඉන්දුනීසියාව සහ දකුණු කොරියාව වැනි එරට ප්‍රධාන වෙළඳපොල වෙත සිදු කෙරුණු නැව්ගත අපනයනවල සීග්‍ර වර්ධනයක් දක්නට ඇති අතර, එක්සත් ජනපදය, ජපානය සහ හොංග් කොංග් වෙත අපනයන සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Singapore's September exports rise 2.7% y/y, less than forecast






