leader s

දකුණු කොරියාව තවදුරටත් අසල්වැසියා නොව, විදෙස් සතුරකු බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් (Kim Jong Un) ප්‍රකාශ කළ බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනය කළේය.

දකුණු කොරියාව පස මිතුරු රාජ්‍යයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කරමින්, සිය ඒකමතික අභිමතය පරිදි, රාජ්‍ය මන්ත්‍රණ සභාව යොදවා, රාජ්‍ය ව්‍යවස්ථාව පවා වෙනස් කිරීමට උතුරු කොරියානු නායකයා ඊයේ (17) පියවර ගත්තේය.

වෙනස්ම ආකාරයෙන් වර්ධනය වන දකුණු කොරියා - ඇමෙරිකා ද්වීපාර්ශ්වීය සබඳතා වලට එරෙහිව නවමු න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කළ යුතු බවද ඔහු පවසයි.

මෙම සතිය මුල, දෙරට යා කෙරෙන උතුරු කොරියාවට අයත් දුම්රිය සහ මහා මාර්ග පද්ධතියේ කොටසක් පුපුරවා හරිමින්, උතුරු කොරියාව, 'අල්ලපු වැටෙන්'  භෞතිකව වෙන් කළ බව කිම් ජොන්ග් උන් ප්‍රකාශ කළේය. එය එතෙකින් නොනැවතී, එක්සත් කොරියානු සංකල්පයෙන් ද පූර්ණ වශයෙන් ඉවත්වන බව ඔහු කියා සිටී.

ඒ අනුව, මින් මතු දෙරට නිල වශයෙන් වෙන්ව පවතින විදෙස් රාජ්‍ය දෙකක් සේ සැලකේ.

 

ඒ අනුව, මින් මතු දෙරට නිල වශයෙන් වෙන්ව පවතින විදෙස් රාජ්‍ය දෙකක් සේ සැලකේ. 

දකුණු කොරියාවේ වෙසෙන 'වැඩකට නැති උන්' ගැන තව දුරටත් වද වීම අනවශ්‍ය බවත්, යක්ෂයාගෙන් ඈත් ව විසීම 'ඇඟට ගුණ'  බවත් උතුරු කොරියානු නායකයා කියා සිටී. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
North Korea's Kim Jong Un calls South Korea a foreign, hostile country


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්