බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින්, එරට හිටපු නායිකා ෂෙයික් හසීනා (Sheikh Hasina) අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.
වරෙන්තු නිකුත්කිරීම ඊයේ (17) සිදු කෙරිණි. එරට ශිෂ්‍ය උද්ඝෝෂණ අතර සිදුකළ සමූල ඝාතන සම්බන්ධයෙන් ඇගේ වගවීමක් ඇතැයි චෝදනා නගමින්, එම වරෙන්තු නිකුත් කර ඇත.
ෂෙයික් හසීනා
රටින් පලා ගිය හසීනා මේ වන විට, ඉන්දියාවේ සැඟව සිටී. අරගලවලදී 700කට අධික පිරිසක් ඝාතනයව, තවත් විශාල පිරිසක් තුවාළ ලැබූහ.
අධිකරණ වරෙන්තු මගින්, හිටපු බංග්ලාදේශ නායිකාව ඇතුළු තවත් 50 දෙනකුද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.
ශිෂ්‍ය උද්ඝෝෂණ අතර සිදුවූ සමූල ඝාතන පිලිබඳ විමර්ශනය කිරීමට නම්, අනිවාර්යයෙන්ම ඒ සියලු දෙනා අත්අඩංගුවට ගතයුතු බවත්, ඔවුන්ගේ "බල පුළුවන්කාරකම්" මත, අධිකරණය එසේ කිරීමට අපොහොසත් වුවහොත්, එම නීතිමය කටයුතු සාධාරණ සැකයෙන් තොරව ඉදිරියට ගෙනයාමට නොහැකි වන බවත්, පැමිණිල්ලේ නීතීඥයෝ අධිකරණයට පෙන්වා දුන්හ.
ඒ අනුව, නොවැම්බර් 18 දිනට පෙර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට නියෝග කෙරිණි.
හසීනා ට සහ ඇය නායකත්වය දුන් අවාමි ලීගයේ සෙසු නායකයින්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා 60 කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබේ.
මේ වනවිට, හසීනා ට සහ ඇය නායකත්වය දුන් අවාමි ලීගයේ සෙසු නායකයින්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා 60 කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබේ.
සිය මව ඕනෑම මොහොතක බංග්ලාදේශ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සූදානම් බව ඇගේ පුත් සජීබ් වසෙඩ් (Sajeeb Wazed) පසුගිය අගෝස්තු මස ප්‍රකාශ කළේය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Bangladesh crimes tribunal issues arrest warrant for exiled former prime minister






