ඇද වැටුණු ජාතික බලශක්ති පද්ධතිය යථාවත් කිරීමේ පියවර හමුවේ, ඊයේ (19) සන්ධ්‍යාව වන විට සමස්ත ජනගහනයෙන් පහෙන් එකකට යළි විදුලිය සැපයීමට හැකි වූ බව කියුබාව පවසයි.
දිගු කාලීන නොසැලකිල්ල මත, එරට ජාතික බලශක්ති පද්ධතිය පසුගිය සිකුරාදා (18) මුළු මනින්ම බිඳ වැටිණි.
ප්‍රතිසංස්කරණ පියවර ඔස්සේ, එය පණගැන්වීමට උත්සාහ ගත්තද, එම මුල් ප්‍රයත්නයේදීම ඊයේ එය යළි බිඳ වැටිණි. ඒ අනුව, ඉකුත් පැය 24 තුළ මිලියන ගණනක ජනගහනය අඳුරේ ගිල්වමින් කොමියුනිස්ට් රාජ්‍යයේ ජාතික විදුලි බල සැපයුම පිට පිට දෙවතාවක් ඇද වැටිණි. ඒ සමග, කියුබාව පුරා සියලු කටයුතු ද ඇණහිටිණි.
බිඳ වැටුණු බලශක්ති පද්ධතියේ ප්‍රතිසංස්කරණ ආරම්භ වුවද, එය ඉතා සෙමෙන් සිදුවන බව එරට විදුලි සම්පාදන ප්‍රධානී ලසාරෝ ගුවේරා (Lazaro Guerra) පැවසීය. අනිසි කඩිනම් කිරීමේ වෑයම්, යළි සමස්ත අඩාල වීමකට හේතු විය හැකි බැවින්, මේ මොහොතේ ඉවසා දරා සිටින ලෙස ඔහු සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය. අද දින නිමා වන විටත්, සියළු සබඳතා යථාවත් කළ හැකිදැයි සැක සහිත බවත්, එහෙත්, පද්ධතිය පිළිසකර කිරීමේ ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ඔහු ප්‍රකාශ කළේය. ඊයේ සන්ධ්‍යාව වන විටත්, හවානා අගනුවර වැඩි කොටසක් අන්ධකාරයේ පැවතිණි.
කියුබාව, ළඟ එන ඔස්කාර් (Oscar) සුළි කුණාටුවට මුහුණ දීමේ පෙර සූදානමක ද පසුවේ. ඒ අබියස, ඊයේ, එරට බොහෝ පෙදෙස් වෙත තද සුළං සහ අධික වැසි බලපා තිබූ බව, රොයිටර්ස් පුවත් පැවසීය. ඉදිරි දින කිහිපය තුළ, සුළි කුණාටුව, ඊශානදිග කියුබාවට වඩාත් තදින් බලපානු ඇතැයි කාලගුණ බලධාරීහු පවසති.
ඉකුත් සිකුරාදා, එරට විශාලතම ජනන පද්ධතිය නතරවීමත් සමග කියුබාවේ, ජාතික බලශක්ති පද්ධතිය මුළුමනින්ම බිඳ වැටිණි. බලශක්ති උත්පාදනයට අවශ්‍ය ඉන්ධන පිරිමසා ගැනීම පිණිස, දිවයින පුරා වැඩබිම්හි අත්‍යවශ්‍ය නොවන සේවක පිරිස් වහා නිවෙස්කරා යැවීමට සහ පුරා සියලු පාසල් හදිසියේ වසා දැමීමට කොමියුනිස්ට් රජයට සිදුවිය. කැරිබියන් දිවයින් රාජ්‍යයක් වන කියුබාවේ, ජනගහනයක මිලියන 10කි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Cuba restores power to one-fifth of population after nationwide blackouts






