leader s

ප්‍රබෝවෝ සුබියන්ටෝ (Prabowo Subianto) අද, ලොව තෙවන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය වන ඉන්දුනීසියාවේ ජනපති ලෙස දිවුරුම් දුන්නේය.

අභ්‍යන්තර දූෂණය පිටු දකිමින්, එරට ස්වයං පෝෂිත රාජ්‍යයක් බවට පත් කිරීම  ඔහුගේ අරමුණයි. 

73 හැවිරිදි ප්‍රබෝවෝ, එරට හිටපු හමුදා ප්‍රධානියෙකි. 

ඔහුට එරෙහිව පැවති මානව හිමිකම් චෝදනා, සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකිරීමට අසමත් වීමෙන් නිෂ්ප්‍රභ විය.  

සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී, අද උදැසන, එරට පාර්ලිමේන්තුව වෙත පැමිණි ඔහු, එහි පැවති උත්සවයකදී, මිලියන 280 ක ජනගහනයක් සහිත එරට, අට වන ජනපති ලෙස දිවුරුම් දුන්නේය. 

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Prabowo takes up Indonesian presidency, vows to tackle corruption, other issues


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්