උතුරු කොරියානු නායක කිම් ජොනග් උන් (Kim Jong Un), එරට මිසයිල මධ්‍යස්ථාන වෙත විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
හදිසි අවස්ථාවකදී ප්‍රහාර එල්ල කිරීමට එම මධ්‍යස්ථාන වල පවතින සූදානම නිරීක්ෂණය කිරීම එහි අරමුණයි.
එක්සත් ජනපදය වෙතින් එල්ල වන න්‍යෂ්ටික බලපෑම, තමන්ට දැඩි තර්ජනයක් බව ඔහු එහිදී පැවසීය. ඒ හමුවේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රහාර සූදානම යාවත්කාලීනව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.
උතුරු කොරියාව, රුසියානු සහාය ඇතිව, බැලස්ටික් මිසයිල නිෂ්පාදනය සහ රට තුළ නව න්‍යෂ්ටික අවියක් තැනීමේ වැඩ පිළිවෙළ වේගවත් කර ඇත.
දකුණු කොරියාව හා දිනෙන් දින වර්ධනය වන කෝපය හමුවේ, උතුරු කොරියානු නායකයා, සතුරු කඳවුරට එරෙහිව සිය හමුදා ශක්තිය තර කරමින් සිටී.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
North Korea's Kim Jong Un visits missile bases, cites US nuclear threat






