leader s

අද, අතිශය දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට ලක්වූ, ලෙබනනයේ ටයර් (Tyre) වරාය නගරය, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට අයත් ඉපැරණි නගරයක් බව එරට රජය පවසයි.


නගරවාසීන්ට, තවදුරටත් වහා පලා යන ලෙස මාර්ග-ගත සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ, සිදු කළ කෙටි දැනුම්දීමකින් අනතුරුව ගුවන් ප්‍රහාර ආරම්භ විය.

ප්‍රහාරයත් සමග, නේවාසික ගොඩනැගිලි තුළින්, විශාල දුම් රොටු ඉහළට ඇදී ආ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.  

ළඟ එන අනතුර දුටු  'ටයර්' වාසීන් දහස් ගණනක්, ඉකුත් සති කිහිපයේ සිට නගරය අතහැර පලා යාම ආරම්භ කළහ.

ධීවර කර්මාන්තයේ නියුතු විශාල පිරිස් සේම, සංචාරකයින්ගෙන්ද පිරී පවතින 'ටයර්' වරාය නිරන්තරයෙන් කාර්යබහුල නගරයකි.  

එය, රාජකාරි කටයුතුවලින් මඳ  විරාමයක් ලබන, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පිරිස් ඉසිඹුලන, දේශ සීමා අසල පිහිටි රමණීය මුහුදුබඩ ප්‍රදේශයක් ද වේ. එහි, ඉපැරණි මාළිගයක්ද පිහිටා තිබේ.


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:

Blinken urges halt to Middle East conflict as Israel bombs historic Lebanese port city

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්