ඔක්තෝබර 01 වැනි දා ඊශ්‍රායලයට එල්ල කරන ලද ඉරාන ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ නම්, එය ඉතා ප්‍රවේසමෙන් සිදු කරන ලෙස, එක්සත්
ජනපද රාජ්‍ය ලේකම්, ඇන්තනී බ්ලින්කන්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යහුගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
සිය මැද පෙරදිග සංචාරය අතරතුර මුලින්ම ඊශ්‍රායලය වෙත පැමිණ සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, අද එම ඉල්ලීම සිදු කළේය.
ගාසා හි සටන් විරාමයක් පිණිස බල කෙරෙන මේ මොහොතේ, මැද පෙරදිග කලාපයේ සටන් හැකිතාක් අවම කිරීම සිය අභිප්‍රාය බව ඔහු පැවසීය.
මේ අතර, ඉකුත් පැය 48 තුළ, ලෙබනනයේ සටන් වලින් හිස්බුල්ලා ප්‍රධානීන් තිදෙනෙකු සහ 70ක ට අධික ත්‍රස්තයින් සංඛ්‍යාවක් මියගොස් ඇතැයි ඊශ්‍රායල හමුදා පැවසූහ.
හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකත්වයට හිමිකම් කියන හෂෙම් සෆියෙදීන් ( Hashem Safieddine) ඝාතනය කළ බව ඊශ්‍රායලය ඊයේ තහවුරු කළේය.
ලෙබනනයේ ප්‍රධාන වරාය නගරයක් වන ටයර් (Tyre) අතහැර වහා පලා යන ලෙස ඊශ්‍රායලය එහි පදිංචිකරුවන්ට තවදුරටත් දැනුම් දී සිටී.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Blinken urges halt to Middle East conflict as Israel bombs historic Lebanese port city






