leader s

ජ්‍යෙෂ්ඨ හමාස් ප්‍රධානී මොඋසා අබු මර්සුක් (Mousa Abu Marzouk) අද රුසියාවේ විශේෂ නිළ සංචාරයක නිරත වෙයි.

එය කලින් සැලසුම් කළ එකක් බව රුසියානු රාජ්‍ය මාධ්‍ය අද වාර්තා කළේය.

හමස් දේශපාලනික අංශයේ ප්‍රධාන සාමාජිකයකු වන ඔහු, රුසියානු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට නියමතය.

මැද පෙරදිග ගැටුමට මුල, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කූටෝපාය බවට රුසියාව සෘජුව චෝදනා කරයි.

ගාසා තීරයේ වහා සටන් විරාමයකට යන ලෙස සහ සාකච්ඡා මාර්ගයෙන් තිරසර විසඳුමක් කරා එළැඹෙන ලෙස ක්රෙම්ලිනය ඉල්ලා සිටී.

රුසියාව, මැද පෙරදිග ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ඊශ්‍රායලය, ඉරානය, ලෙබනනය, පලස්තීන අධිකාරිය සහ හමාස් සංවිධානය සමග ද දේශපාලන සබඳතා පවත්වයි.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Senior Hamas official arrives in Russia, RIA reports


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්