leader s

හෙට (25) නැගෙනහිර ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක් පතිත වීමට නියමිතය. එරට කාලගුණ බලධාරීහු ඒ බව අද තහවුරු කළහ.

එම සුළි කුණාටුව දානා (Dana,) ලෙස නම් කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට අළුයම එය නැගෙනහිර ඔඩිෂා (Odisha) ප්‍රාන්තය සහ බටහිර බෙංගාලය (Bengal) පිස, පැයට සැතපුම් 62ත්, 68ත් අතර වේගයකින් හමා යනු ඇත. සුළඟේ වේගය පැයට සැතපුම් 75 තෙක් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනුමාන කරති. මේ වනවිට, කුණාටුව පැයට සැතපුම් 7 ක වේගයෙන් බෙංගාල බොක්ක පසු කරමින් පවතී.  

ඔඩිෂා ප්‍රාන්තයේ 300,000 කට අධික ජනගහනයක් වෙත, වහා ඉවත්වන ලෙස දැනුම් දී ඇති අතර 50,000 ක පමණ පිරිසක් මේ වන විටත්, ප්‍රදේශයෙන් ඉවත් කොට තිබේ. ළඟ එන කුණාටුවට බියෙන් දුම්රිය ගමන්වාර 200ක් පමණ අවලංගු කොට තිබේ. 

 

WhatsApp Image 2024 10 23 at 09.41.28
ප්‍රාන්ත ආශ්‍රිත කොල්කටා (Kolkata) සහ භුබනේස්වර් (Bhubaneswar) සිට හා එවෙත සිදු කිරීමට අපේක්ෂිත සියලු ගුවන් ගමන් ද අද සන්ධ්‍යාවේ සිට හෙට අළුයම තෙක් අවලංගු කර ඇත. ප්‍රදේශයේ, පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ධීවරයින්ට මුහුදු ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින ලෙස උපදෙස් නිකුත් කර ඇති අතර, ප්‍රාන්තයේ පිහිටි සුවිසල් පරදීප් (Paradip) වරායේ සියලු මෙහෙයුම් අතරමග නතර කර තිබේ. වෙරළාරක්ෂක නාවික යාත්‍රා සහ ගුවන් යානා, හදිසි සහන මෙහෙයුම් පිණිස සීරුවෙන් තබා ඇත.

හදිසි අවස්ථාවකට සූදානමින්, කිමිදුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන්, ඉන්දීය නාවුක හමුදා යාත්‍රා දෙකක්ද ඊට එක්ව  සිටී. 


(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්