leader s

දානා දරුණු  සුළි කුණාටුව අද අළුයම පෙරදිග ඉන්දියාවට කඩා වැදිණි. වෘක්ෂයෝ මුලිනුපුටා දමමින්, විදුලි කණු පෙරළමින් එය භූමිය මතට පතිත විය. ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධි වී ඇත.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ, සුළි කුණාටුව ඔඩිෂා (Odisha) ප්‍රාන්තයට පතිත විය. ඒ, පැයට සැතපුම් 62ත් 68ත් අතර වේගයකිනි. සුළඟේ ගැස්ම පැයට සැතපුම් 75 තෙක් වර්ධනය විය. අද දහවල වන විට, එහි වේගය  දුර්වල වන බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව පැවසීය. 

ඔඩිෂා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සියලු ගුවන් ගමන් ද තාවකාලිකව නවතා තිබේ. සුළි කුණාටුව හේතුවෙන් මිලියන අඩකටත් වැඩි පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇත. ආපදා තත්ත්වයෙන් මෙතෙක් පුද්ගල මරණ හෝ අනතුරු වාර්තා වී නැති අතර, ප්‍රාන්තයේ ප්‍රධාන වරායට හෝ වෙනත් ව්‍යාපාරවලට  හානියක් නැතැයි ද වාර්තා වේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්