leader s

විසල් ඩයිනෝසරයකුගේ බවට සැලකෙන, හොංග් කොංග් රටින් හමු වූ  ප්‍රාග් ඓතිහාසික සත්ව ෆොසිල, අද ප්‍රථම වරට එරට මහජන ප්‍රදර්ශනයට එක් කෙරිණි.

එරටට අයත්, ජනාවාසයෙන් තොර කුඩා දිවයිනකින් මෙම ෆොසිල හමු විය. එම සොයාගැනීමත් සමග, කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානය තුළ, පාෂාණීය සෛල විද්‍යාව පිලිබඳ නව පර්යේෂණ පිණිස මග විවරව තිබේ. 

හමු වූ ෆොසිල, වසර මිලියන 145 ත්  66 ත් අතර කාලයක ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ක්‍රටේෂස් (Cretaceous) නම් ඩයිනෝසර යුගයට අයත් බව විද්‍යාඥයින් විසින් තහවුරු කර තිබේ. ෆොසිල අයත් ඩයිනෝසර විශේෂය නිශ්චිතවම හඳුනා ගැනීමේ වැඩි දුර පර්යේෂණ ක්‍රියාත්මක බව ඔවුහු පවසති. එම ඩයිනෝසරයින්, විශාල පෘෂ්ඨවංශිකයින් බව විද්‍යාඥ මතයයි.

 

ada509f1 4813 49cf 90bd b885bb4cab4e e6f813e5

ඊශානදිග හොංග් කොංග් හි පිහිටි, රක්තවර්ණ ස්වභාවික පාෂාණ භූ නිර්මාණයන්ගෙන් සුසැදි පොර්ට් අයිලන්ඩ් (Port Island) වෙතින් එම ඩයිනෝසර ෆොසිල හමු වී තිබේ. දිවයිනේ මීට පෙර සිදු කළ පර්යේෂණ ඔස්සේ, එහි  සත්ව ෆොසිල හමු විය හැකි බවට, එරට කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස අනාවැකි පළ කළේය. ඒ පිලිබඳ වැඩිදුර පර්යේෂණ පිණිස චීනය සමග ගිවිසුමක් ද අත්සන් කර තිබේ. ගිවිසුම මෙම සතිය මුල අත්සන් තැබිණි.

 

ආර්ජන්ටිනාව, කැනඩාව, එක්සත් ජනපදය සහ චීනය ඩයිනෝසර ෆොසිල සොයා පර්යේෂණයේ නියුතු ලොව ප්‍රධාන රටවල් හතර ලෙස හැඳින්වේ. 

හොංග් කොංග් හි කොව්ලූන් උද්‍යානයේ (Kowloon Park) පිහිටි උරුම ගවේෂණ මධ්‍යස්ථානයේ (Heritage Discovery Centre), එම ඩයිනෝසර ෆොසිල, මහජන ප්‍රදර්ශනය පිණිස තබා ඇත.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්