leader s

ජර්මන් චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) අද ඉන්දියාවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු විය.

දෙරට අතර හමුදා සහයෝගිතා වර්ධනය පිණිස ආරක්ෂක සබඳතා තර කළ යුතු බව, ඔහු එහිදී පැවසීය. 

සම්ප්‍රදායිකව දෙරට අතර ශක්තිමත් ආරක්ෂක සබඳතා මීට පෙර දක්නට නොවීය.  

අන්තර්-රාජ්‍ය උපදේශන ඔස්සේ, දෙරට අතර ආරක්ෂක සබඳතා ප්‍රවර්ධනය මගින්, සමීප හමුදා ශක්තියක් ඉදිකර, පවත්වා ගැනීම වත්මන් අපේක්ෂාව බව ස්කොල්ස්, අග්‍රාමාත්‍ය මෝදි හමුවේ පැවසීය. 

ජර්මනියේ ඉහළ පෙළ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් සහභාගී වන මෙම සංචාරයේදී, ජර්මනිය තුළ ඉන්දීය වෙළඳපොළ ප්‍රවර්ධනය පිණිස ද සාකච්ඡා සිදු කෙරේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්