උද්ගතව ඇති හදිසි ගැටුම මත, ඉරානය වෙත සහ එරට සිට කෙරෙන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවා තිබේ.
අද අළුයම ඊශ්‍රායලය, ඉරානයේ හමුදා මර්මස්ථාන සොයා ගුවන් ප්‍රහාර දියත් කළේය.
ටෙහෙරාන් අගනුවර සහ යාබද ප්‍රදේශය දෙදරවමින්, දෙපැයකට ආසන්න කාලයක් පුරා, එක දිගට පිපිරුම් හඬ ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කළ බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






