වෙනිසියුලාවේ ප්‍රාදේශීය විපක්ෂ නායකයකු වූ එඩ්වින් සන්ටෝස් (Edwin Santos) මියගොස් සිටියදී ඊයේ (25) හමු වීමත් සමග, රජයට ඒ පිලිබඳ චෝදනා එල්ල විය.
ඔහුගේ මරණය, එරට ආරක්ෂක අංශ විසින් සිදු කළ ඝාතනයක් බව විපක්ෂය චෝදනා කරයි.
එහෙත්, එය හදිසි අනතුරක් හේතුවෙන් සිදු වූවක් බව රජය කියයි.
36 හැවිරිදි සන්ටෝස්, ඉකුත් බදාදා (23) මධ්‍යහ්නයේ සිට ආගිය අතක් නැතැයි වාර්තා විය.
එදින ඔහු සිය යතුරු පැදියෙන් එල් පිනාල් (El Pinal) බලා ගොස් ඇති අතර, ඉන් පසු, ඔහු පිලිබඳ කිසිදු හෝඩුවාවක් නැතැයි, පක්ෂ කාර්යාලය එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා තිබිණි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






