leader s

අද පැමිණි සුපිරි සුළි කුණාටුව හමුවේ තායිවානය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව, එරට තුළ එක් දින නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සියලු වාණිජ මධ්‍යස්ථාන වසා දමා තිබේ. ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇත. 

 

30 වසරකට පසු, එරටට බලපා ඇති දරුණුතම සුළි කුණාටුව මෙය බව වාර්තා වේ. තායිවානයට අද කොන්ග්-රේ (Kong-rey) සුපිරි සුළි කුණාටුව පතිත පතිත වීමට නියමිත බවට ඊයේ කාලගුණ අනාවැකි පළ කෙරිණි. එරට ඉතා අල්ප ජනගහනයක් සහිත නැගෙනහිර වෙරළ තීරයට එහි දැඩි බලපෑම එල්ල වනු ඇතැයි කාලගුණ බලධාරීහු පැවසූහ. සුළි කුණාටුව පතිත වීමත් සමග, දිවයින පුරා දැඩි සුළං සහිත වර්ෂාපතනයක් හටගෙන තිබේ.

සුළඟේ ගැස්ම සමග එහි වේගය පැයට සැතපුම් 155 කි.  

 

1730290959776AFP 20241030 36L86EH v1 Preview TaiwanWeatherTyphoon
සුළි කුණාටුව, දකුණු තායිවානය ඔස්සේ, තායිවාන සමුද්‍ර සන්ධියෙන් චීනයට ළඟාවීමට නියමිතය.

සුළි කුණාටුවත් සමග, තායිවානයේ නැගෙනහිර කඳුකර පෙදෙස් වෙත මීටර 1.2ක වර්ෂාපතනයක් අපේක්ෂිතය. එරට කඳුකරයෙන් සහ වෙරළ තීරයෙන් හැකි තාක් ඉවත්වන ලෙස ප්‍රදේශවාසීන් වෙත දැනුම් දී තිබේ. එය 4 ශ්‍රේණියේ දරුණු සුළි කුණාටුවක් වශයෙන් නම් කර තිබේ.

(Reuters  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්