leader s

ඉදිරි දින කිහිපය තුළ, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ඇරඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෙබනන අග්‍රාමාත්‍ය නජිබ් මිකාටී ඊයේ (30) සඳහන් කළේය.

දෙරට අතර  දින 60ක සටන් විරාම අපේක්ෂාවක් පිලිබඳ යෝජිත කෙටුම්පතක් ඊශ්‍රායල මාධ්‍ය විසින්, අනාවරණය කිරීමත් සමග, ලෙබනන භාරකාර අග්‍රාමාත්‍යවරයා විසින් එම ප්‍රකාශය සිදු කර තිබේ. 

එය වොෂින්ටනයෙදී කෙටුම්පත් කරන ලද්දක් බවත්, තොරතුරු කලින් පිටවී ඇති බවත් වාර්තා වේ. යෝජිත සටන් විරාම කෙටුම්පතට අනුව, හැට දින සටන් විරාමයේ මුල් සතිය තුළ, ඊශ්‍රායල හමුදා, ලෙබනනයෙන් ඉවත් කර ගැනීමට නියමිතය.

 

ඇමෙරිකානු ජනපතිවරණයට පෙර, සටන්විරාමයකට පිවිසීම අසීරු වනු ඇතැයි තමා පෙර විශ්වාස කළ බව, ලෙබනන අග්‍රාමාත්‍යවරයා පැවසීය. එහෙත්, මැද පෙරදිග සංචාරයේ නියුතු එක්සත් ජනපද දූත මණ්ඩල ප්‍රධානී අමොස් හොච්ස්ටීන් (Amos Hochstein) සමග පැවති සාකච්ඡාවෙන් පසු, සාධනීය අපේක්ෂාවෙන් පසුවන බව ඔහු සඳහන් කළේය.

එක්සත් ජනපද ජනපතිවරණය ලබන අඟහරුවාදා (05) පැවැත්වේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්