leader s

උතුරු කොරියාව ඊයේ (30), දිගු දුර මිසයිලයක් අතහදා බැලීය. එරට, නැගෙනහිර වෙරළ තීරයෙන් එය සයුර වෙත මුදා හැරිණි.


එරට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වන බව පෙර දින දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එය ලබන නොවැම්බර් මස, ඇමෙරිකානු ජනපතිවරණයට සාපේක්ෂව සිදුකෙරෙනු  ඇති බවට සැක කෙරිණි.

එහෙත්, එම අනාවරණයෙන් දිනකට පසුව, මෙම අත්හදා බැලීම සිදු කිරීමට උතුරු කොරියාව පියවර ගත්තේය.

එරට ප්යොන්ග්‍යංග් (Pyongyang) අගනුවරට අසන්න ස්ථානයක සිට, උතුරු කොරියානු වේලාවෙන් ඊයේ පෙ.ව.7.10 (ජාත්‍යන්තර වේලාවෙන් 2210) ට ඉතා තියුණු කෝණයකින් එය දියත් කර තිබේ. ජාත්‍යන්තර වේලාවෙන් පැය 2337 ට එය මුහුදට පතිත වූ බව ජපානය සඳහන් කළේය.

එය ඉතා උස් කෝණයකින් දියත් කළ, දිගු දුර බැලස්ටික් මිසයිලයක් බව සඳහන්ය.

ජපානයේ උතුරු හොකයිඩෝ කලාපයෙන් එපිට ඔකුෂිරි (Okushiri ) දිවයිනට කිලෝ මීටර 300ක් පමණ ඔබ්බෙන්, මිසයිලය මුහුදට පතිත වීමට නියමිත බව මීට පෙර ජපන් රජය නිවේදනය කළේය. රුසියානු වෙරළ තීරය වෙත ඇදී යන එම සමුද්‍ර පරිශ්‍රය, විශේෂිත ආර්ථික කලාපයක් සේ සැලකේ.  

ජපන් ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි ( Nakatani ), උතුරු කොරියාවේ එම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. එය, ජපානයට පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද විශාල අවදානමක් එල්ල කර ඇතැයි ඔහු පැවසීය. උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් පිලිබඳ ඉතිහාසයේ, දිගුම මිසයිල ගුවන් කාලය මෙය බවද ඔහු සඳහන් කළේය.

 උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීමෙන් හානියක් නැතැයි ජපන් අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා පසුව පැවසීය.

උතුරු කොරියාව මීට පෙර, අවසන් වරට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලන ලද්දේ, පසුගිය දෙසැම්බරයේදීය.

(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්