ඊයේ (31) රෝහින්යා සරණාගතයින් 100 දෙනෙක් බෝට්ටුවෙන් ඉන්දුනීසියාවට පලා ආහ. ඉන්, 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අසේ (Aceh) ප්‍රාන්තයේ ධීවර ප්‍රජාව පවසයි.
කුඩා ළමුන් ඇතුළු සරණාගතයින් 96 දෙනෙක් එරට, නැගෙනහිර අසේ හි සුමාත්‍රා දිවයින් වෙරළට පැමිණ ඇති බව එහි ධීවර ප්‍රජා නායක මිෆ්ටක් ටජුට් අදෙක් (Miftach Tjut Adek) පවසයි.
ඉකුත් සතියේ රෝහින්යා සරණාගතයින් 300ක් පමණ ඉන්දුනීසියාවේ අසේ ප්‍රාන්තය සහ උතුරු සුමාත්‍රා වෙරළ වෙත පලා ආහ. සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් (UNHCR) කාර්යාලය සහ ඉන්දුනීසියා රජය එක්ව අවශ්‍ය සහන සැලසීම් සිදු කෙරෙමින් පවතී.
ඉකුත් වසරේ පමණක්, මියෙන්මාරයේ සිට රෝහින්යා සරණාගතයින් 2000 ක ට අධික සංඛ්‍යාවක් ඉන්දුනීසියාව වෙත පලා ආහ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Six dead as boat carrying nearly 100 Rohingya arrives in Indonesia






