ඝන ඉන්ධන මගින් බල ගැන්වෙන සිය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ඊයේ (31) අති සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද නිවේදනය කළේය. මිසයිලය හවසොඞ් - 19 (Hwasong-19) ලෙස නම් කර තිබේ.
මින් පෙර, සිය කිසිදු මිසයිලයකට නොදෙවනිව, එය ඉහළ අහසට වැඩි දුරක් ගමන් කළ බව උතුරු කොරියාව පවසයි.
දකුණු කොරියාව සහ ජපානය ඇතුළු ජාත්‍යන්තර නිරීක්ෂකයෝ එය තහවුරු කළහ. එය තීව්‍ර කෝණයකින් අභ්‍යවකාශය තෙක් ඇදී ගොස්, ජපානය සහ රුසියාව අතර මුහුදු කලාපයට පතිත වූ බව ඔවුහු පවසති.
ඊයේ අත්හදා බලන ලද්දේ ලොව බලවත්ම උපාය මාර්ගික මිසයිලය බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.
උතුරු කොරියාව විසින් මෙතෙක් අත්හද බලන ලද අනෙකුත් කිසිදු මිසයිලයක් මෙන් නොව හවසොඞ් - 19 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයට, ඇමෙරිකාවේ ඕනෑම ස්ථානයකට පහර දිය හැකි බව එරට මාධ්‍ය පවසයි.
එය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් (Kim Jong Un) ගේ න්‍යෂ්ටික ඒකාධිපතිත්වය මොනවට පැහැදිලි කර ඇතැයි උතුරු කොරියානු මාධ්‍ය පවසයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
North Korea says record test was new Hwasong-19 intercontinental ballistic missile






