leader s

නුදුරු සටන් විරාමයක් පිලිබඳ සියළු අපේක්ෂා 'මුහුදු බත්' කරමින්, ඊශ්‍රායලය ඊයේත්  (01) ගාසා තීරයේ සහ දකුණුබද බීරුත් හි දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් සිදු

කළේය. ගාසා තීරයේ පමණක් එම ප්‍රහාර වලින් 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) වෙත එල්ල කළ සිය ගුවන් ප්‍රහාර හමුවේ, ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරී ඉසල්ඩින් කසාබ් (Izz al-Din Kassab) ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ. ඔහු, ගාසා තීරයේ හමාස් කණ්ඩායම් අතර සම්බන්ධීකරණ කටයුතු භාර දැනට ජීවතුන් අතර සිටින එහි අවසන් ජ්‍යෙෂ්ඨ සාමාජිකයා බව ඊශ්‍රායලය  පවසයි.

 

91570909 14031035 image a 30 1730492662635දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) වෙත එල්ල කළ සිය ගුවන් ප්‍රහාර හමුවේ, ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරී ඉසල්ඩින් කසාබ් (Izz al-Din Kassab) ඝාතනය කළ බව

එළැඹෙන 05 දා, ඇමෙරිකානු ජනපතිවරණයට පෙර ගාසා තීරයේ සහ ලෙබනනයේ සටන් විරාමයක් පිලිබඳ ඇමෙරිකාවේ මැදිහත්වීම හමාස් සංවිධානය විසින් ද පිළිගෙන නැත. තාවකාලික සටන් විරාමයකට ඔවුන් එකඟ නොමැති බව ඊයේ අලක්සා (Al-Aqsa) හමාස් රූපවාහිනිය ප්‍රකාශ කළේය.

වසරකට වැඩි කාලයක් පවතින ගාසා යුද්ධය, තිරසර සටන් විරාමයක් හමුවේ අවසන් විය යුතු බවට සහ වහා ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවට සිය කොන්දේසි, යෝජිත තාවකාලික සටන් විරාමයට පටහැනි බව හමාස් නිවේදනයේ සඳහන්ය.

 

GettyImages 1473939891 scaled e1679570304898සිය අභිලාශය, තව දුරටත් හමුදා ශක්තිය පෙන්වීම නොව ගාසා තීරයේ  ආරක්ෂාව තර කිරීම යැයි පසුගිය දා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය

සිය අභිලාශය, තව දුරටත් හමුදා ශක්තිය පෙන්වීම නොව ගාසා තීරයේ  ආරක්ෂාව තර කිරීම යැයි පසුගිය දා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය. අගමැති කාර්යාලය, අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශය, ඊශ්‍රායලයේ සංචාරයක නියුතු ඇමෙරිකානු දූත පිරිසට ද, බ්‍රහස්පතින්දා (31)  දන්වා යැවීය.

ගාසා තීරයේ සහ පලස්තීනයේ සටන් විරාමයක් පිණිස වන සාකච්ඡා කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ලෙබනන භාරකාර අගමැති නජිබ් මිකාටි ( Najib Mikati) ඊයේ, ඊශ්‍රායලයට චෝදනා කළේය. ඊශ්‍රායල සංචාරයේ නියුතු එක්සත් ජනපද දූත මණ්ඩල ප්‍රධානී අමොස් හොච්ස්ටීන් (Amos Hochstein) ඇතුළු දූත පිරිස, කල් තියා ලෙබනන සංචාරය අවලංගු කොට බ්‍රහස්පතින්දා (31) ම ඇමෙරිකාව බලා පිටත්විය. ඊශ්‍රායලයේ කැමැත්ත, ඝාතනය සහ විනාශය පමණක් බව ලෙබනන අගමැති චෝදනා කරයි.

 

download 3


ඊයේ ලෙබනනයේ බාල්බෙක් (Baalbek) ප්‍රාන්තයේ නගර ගණනාවක් වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ, පුද්ගලයින් පනස් දෙදෙනෙක්  ජීවිතක්ෂය පත්වූහ. රෝම අධිරාජ්‍යයේ ප්‍රෞඩ ඉතිහාසය කියාපාන ඓතිහාසික නටඹුන් වලින් පිරි එම ප්‍රාන්තය, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දකි.  

(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Ceasefire hopes fade as Israel bombards Gaza, Lebanon

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්