leader s

ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය, පාම් වගාවට එරෙහි අභියාචනාවක් පෙරේදා (31) ප්‍රතික්ෂේප කළේය.


එරට වැසි වනාන්තරයක අක්කර දහස් ගණනක් පාම් වගාවට නිදහස් කිරීමට එරෙහිව, ඉන්දුනීසියානු ආදිවාසීන් විසින් එම නඩුව පවරා තිබිණි. එමගින්, සිය  පාරම්පරික ගම් බිම් සහ සම්ප්‍රදායික උරුමයන් විනාශ වන බව ඔවුහු ප්‍රකාශ කරති.

ඉන්දුනීසියාව ලොව විශාලතම පාම් තෙල් අපනයනකරුවාය. එරට අපනයන කර්මාන්තයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 30 කි.

ඉන්දුනීසියාව ලොව විශාලතම පාම් තෙල් අපනයනකරුවාය.
ඉන්දුනීසියාවේ අව්යු (Awyu) ආදිවාසී ජන සමූහයේ වොරෝ (Woro) ජන කොටසට අයත් අක්කර 88,960ක් පාම් වගාව පිණිස, ඉන්දු ආසියානා ලෙස්ටාරී (PT Indo Asiana Lestari ) නම් සමාගමකට ලබා දීමට රජය පියවර ගත්තේය.

නීතිය පසිඳලන ඉහළම තැනින් දුන් මෙම තීන්දුවෙන් තමා ඇතුළු ජන පිරිස දැඩි කම්පනයට පත්ව ඇතැයි, රජයේ තීරණයට එරෙහිව නීතිය ඉදිරියේ සටනට පණ  පෙවූ ආදිවාසී සමූහයේ සාමාජික හෙන්ද්රිකස් (Hendrikus) පවසයි. සිය සටනට, රජයෙන්ද කිසිදු සහායයක් නොලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය.

b59bae006383b28656bf26ad9992b2b9නීතිය පසිඳලන ඉහළම තැනින් දුන් මෙම තීන්දුවෙන් තමා ඇතුළු ජන පිරිස දැඩි කම්පනයට පත්ව ඇතැයි, රජයේ තීරණයට එරෙහිව නීතිය ඉදිරියේ සටනට පණ  පෙවූ ආදිවාසී සමූහයේ සාමාජික හෙන්ද්රිකස් (Hendrikus) පවසයි

 

ඉන්දුනීසියාවේ, නීතිය පසිඳලන ඉහළම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයයි.


ආදීවාසීන්ගේ අභියාචනය කල් ඉකුත්වූ ගිය එකක් බව බහුතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළහ. එසා සුවිසල් අභ්‍යන්තර පාරිසරික පද්ධතියක් පාම් වගාවට මුදා හැරීමේ රජයේ තීරණය, එරට පරිසර නීති උල්ලංඝනය කරන්නක් යැයි, එහිදී එක විනිසුරුවරයෙක් පමණක් පැවසීය.

 

supreme cortඉන්දුනීසියාවේ, නීතිය පසිඳලන ඉහළම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයයි.

අදාළ සමාගම මෙතෙක් නඩු තීන්දුව පිලිබඳ කිසිවක් ප්‍රකාශ කර නැත.

භූමිය මිලදී ගැනීමට පෙර, එහි ආදිවාසී කණ්ඩායමක් 12ක් සමග, නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කළ බව ඔවුහු මීට පෙර ප්‍රකාශ කළහ.  


(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:
Indonesia's top court rejects Indigenous community's appeal in palm oil case

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්