ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්තවාදීන් අද අළුයම එල්ල කළ රොකට් ප්‍රහාර රැසකින් ඊශ්‍රායලයේ ෂැරොන් (Sharon) පළාතේ පුද්ගලයින් 19 දෙනෙක් තුවාල ලබති.
ප්‍රහාරයෙන් මධ්‍යම ඊශ්‍රායලයේ ටිරා (Tira) නිම්නයේ පුද්ගලයෙන් 7 දෙනකු තුවාළ ලබා ඇතැයි, එරට ජාතික ගිලන්රථ සේවය මීට පෙර ප්‍රකාශ කළේය.
ප්‍රහාරය එල්ල කිරීමත් සමග මධ්‍යම ඊශ්‍රයලය පුරා අනතුරු ඇඟවීමේ නලා හඬ නිකුත් කෙරිණි. ඇතැම්, රොකට් ප්‍රහාර ගුවනේදී විනාශ කළ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති.

ප්‍රහාරයෙන් අනතුරට පත් ඊශ්‍රායල වැසියන්ට සුළු සහ සාමාන්‍ය තුවාළ සිදුවී ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.
උතුරු ඊශ්‍රායලයේ මර්මස්ථාන ඉලක්කයක් වෙත අද ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ල කළ බව ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධය (Islamic Resistance) නම් සංවිධානය පවසයි.

ඊශ්‍රායලයට අද අවම වශයෙන් හිස්බුල්ලා රොකට් ප්‍රහාර තිහක්වත් එල්ල වූ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India ) විසින් වාර්තා කර තිබේ.
(Reuters / Times of India ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






