leader s

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය.

කළු ජාතික කාන්තාවක  කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට පත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.

පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැති සටනේදී, බේඩ්නොච්ට අභියෝගයක් එල්ල වූයේ හිටපු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු ද වන රොබර්ට් ජෙන්රික්ගෙනි.

කෙසේ නමුත් අවසානයේ කොන්සවර්ටිව් පක්ෂයේ සියයට 57 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සහාය බේඩ්නොච්ට ලැබෙන බවය.

මීට පෙර කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ලෙසත්, අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්ය. පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සවර්ටිව් පක්ෂය පරාජය වූ අතර, එම මැතිවරණය ජයග්‍රහණය කර, දැන් බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි.

මැතිවරණ පරාජයෙන් පසු කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය මෙසේ වෙනස් කෙරුණි. කෙමී බේඩ්නොච්ට පක්ෂ නායකත්වය හිමිවූයේ ඒ අනුවය.

(lankadeepa.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්