උතුරු කොරියානු සොල්දාදුවන් 7000ක් ඈත පෙරදිග රුසියාවේ සිට යුක්‍රේනය ආසන්න දේශසීමා වෙත පිටත්කර එවා ඇතැයි, යුක්‍රේන හමුදා බුද්ධි අංශ පවසයි.
එය, පසුගිය සතියේ සිදු කර ඇති බව එම වාර්තා පෙන්වාදෙයි.
ඔවුන්, මැෂින් තුවක්කු, රාත්‍රී දුරදක්න සහ වෙනත් යුදෝපකරණ වලින් සන්නද්ධකොට ඇති බවද යුක්‍රේනය පවසයි.
උතුරු කොරියානු හමුදා භටයින් පිරිසක්, නැගෙනහිර රුසියාවේ පුහුණු කඳවුරකදී එම සැපයුම් ලබා ගන්නා බවට පැවසෙන වීඩියෝ දර්ශන පසුගිය දා, යුක්‍රේන බලධාරීන් විසින් මාධ්‍යයට මුදා හැරිණි. රුසියාව වෙත පිටත් කර හරින ලද, උතුරු කොරියානු හමුදා භටයින් 8000ත් 10,000ත් අතර සංඛ්‍යාවක් බටහිර කර්ස්ක් (Kursk) කලාපයේ ස්ථානගත කර ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, ඇන්තනී බ්ලින්කන් පසුගිය බ්‍රහස්පතින්දා (31) තහවුරු කළේය.
රුසියානු යුද පෙරමුණට එක්වීම මගින්, උතුරු කොරියානු හමුදාවන්ට, වටිනා හමුදා සහ යුද අත්දැකීම් සම්භාරයක් ලබා ගත හැකි බව සහ ඔවුන්ට ඩ්‍රෝන යුද තාක්ෂණය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථා උදාවන බවට, උතුරු කොරියාව අපේක්ෂා කරන්නේ යැයි, එක්සත් ජනපද යුද අධ්‍යයන ආයතනයක් ඊයේ (02) පැවසීය.
එහෙත්, කෙටි පුහුණුවකින් පසු, රුසියානු යුද පෙරමුණට යැවෙන එම උතුරු කොරියානු හමුදා භටයින්, එහිදී ආගන්තුක ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වීම මගින්, හුදු යුද අභ්‍යාස පාඩමකින් ඔබ්බට ගිය අත්දැකීමක් ලබා ගැනීමට උතුරු කොරියාවට සිදුවන බව නිසැක යැයි එම අධ්‍යයනායතනය පවසයි.
(NHK ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)