leader s

අද සිදු වූ ගුවන් අනතුරකින් ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙක් මිය ගියහ. 

සාමාන්‍යයෙන් දෙදනකුට පමණක් ගමන් කළහැකි කුඩා ගුවන්යානා (gyroplane) වර්ගයකට අයත් එම යානය අනතුරට පත්ව ඇත්තේ අග්නිදිග ඉරානයේදී ය.

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය බෙදා වෙන් කරන සිස්තාන් - බලුකිස්තාන් (Sistan-Baluchistan) ප්‍රාන්තයේ සිර්කාන් ( Sirkan) නගරය ආසන්නයේ දී අනතුර සිදු වී තිබේ. එම කලාපය, ඉරාන ආරක්ෂක භට පිරිස් සහ සුන්නි මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර දීර්ඝ කාලීන ගැටුම් පවතින ප්‍රදේශයකි. 

අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ, ඉරාන විප්ලවීය හමුදාවේ, ගොලෙස්තාන් ප්‍රාන්තයේ, නිනේවා බලකායේ අණ දෙන නිලධාරී දෙවන බ්‍රිගේඩියර්, ජෙනරාල් හමීඩ් මසන්දරණි (Hamid Mazandarani) සහ ඔහුගේ ගුවන් නියමුවාය. 

උතුරු ප්‍රාන්තය භාර එම අණ නිලධාරියා එම අවස්ථාවේ අග්නිදිග ඉරානය වෙත ගුවනින් ගියේ ඇයි දැයි මෙතෙක් අනාවරණය වී නැත. ඉකුත් මස, එම ප්‍රදේශයේ සුන්නි මුස්ලිම සන්නද්ධ සටන්කරුවන් හා ගැටුමකින් ඉරාන ආරක්ෂක  බලකා සෙබළු දස දෙනෙක් මරුමුවට  පත්වූහ.

(Reuters  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්