ඊයේ (04) ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
උතුරු ගාසා තීරය මුළුමනින්ම මිනිස් වාසයෙන් තොර කිරීම අරමුණු කරගත්, විශේෂ ඊශ්‍රායල ගුවන් සහ භූමි ආක්‍රමණයක් ආරම්භව ඇතැයි පලස්තීනය පවසයි.
උතුරු ගාසා තීරය වෙත එවා ඇති මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ගණනාවක් ඊශ්‍රායල හමුදා විසින් ආපසු හරවා යවා ඇතැයි, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය (UNRWA) චෝදනා කරයි. ඊශ්‍රායල හමුදා එම චෝදනා ප්‍රතික්ෂේප කරති.
උතුරු ගාසා තීරය ජනශුන්‍ය කර යුද මුක්ත කලාපයක් බවට පත් කිරීම ඊශ්‍රායලයේ නවතම අපේක්ෂාව බව ඊයේ අනාවරණය කෙරිණි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






